ධනවාදී සමාජයක සිට
   "සමාජවාදය" ඉගෙන,
ප්‍රජාතන්ත්‍රවාදය ගිනිගත් රටක,
   "දේශපාලනය" ඉගෙන,
මියගොස් පනස් වසරක් ගතවූවන්ගේ
   "නූතන පද්‍ය" ඉගෙන,
සාහිත්‍ය දොට්ට දැමූ රටක,
   "සාහිත්‍ය" ඉගෙන,
ආර්ථිකය ගිනිගත් රටක,
   "හර බැර" ඉගෙන,
වේදිකවක් ඇසින් නොදැක,
   "මනමේ" ඉගෙන,
නිෂ්ප්‍රමාණ ජීවන තර්කයක සිට,
   "තර්කය" ඉගෙන,


අවසානයේ,
   මේ සියල්ල එකට කැටිකොට
   පැය තුනක කාලයක
   ජීවිතයම,
   කොලයකට,පෑනකට බාර දීම.

උපුටාගැනීම - "පැහැසර-2006"

0 comments:

Post a Comment

About this blog

Welcome to my little corner in cyber space

Search This Blog

Followers

My Blog List

Powered by Blogger.